බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේ ඝාතනයක්

Share

කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 22ක් වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රාත්‍රී කාලයේ ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව මරණකරු තම බිරිද සමඟ බ්ලූමැන්ඩල් රේල් පාර අසලට පැමිණි අවස්ථාවේ එම ස්ථානයේ රැදී සිටි පුද්ගලයෙකු විසින් මරණකරුව වෙනත් ස්ථානයකට කැදවා තිබෙනවා.

ඒ අවස්ථාවේ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට හේතුව හා මෙම ඝාතනය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Read more

Local News