බදුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක පාපුවරුවේ ගමන් කරමින් සිටි විදේශීය කාන්තාවක් දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති ගලක ගැටී දුම්රියෙන් ඇද වැටී තිබෙනවා.
අනතුරුව එම කාන්තාව බදුල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවට හාලිඇල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 53ක් වන රුසියානු ජාතික කාන්තාවක්.