Home විදෙස් පුවත් කියුබාවේ ගුවන් යානයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

කියුබාවේ ගුවන් යානයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

0
කියුබාවේ ගුවන් යානයක් කඩා වැටී 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

කියුබාවේ හවානා සිට ගමන් ආරම්භ කළ බොයිං 737 ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හවානා සිට නැගෙනහිර කියුබාවේ හොල්ගුවින් වෙත ගමන් කරමින් තිබියදී මෙලෙස යානය කඩා වැටී තිබේ.

වසර 30කට කියුබාවේ සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය යැයි ද වාර්තා වේ.

අනතුරට පත්ව ඇත්තේ ගෘහස්ත ගුවන් ගමන්වලට යොදාගන්නා යානයකි.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී දරුවන් පස් දෙනකු සහ කාර්ය මණ්ඩලය ද ඇතුළුව 105 දෙනකු එහි සිට අැති බව කියුබානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් අනතුරත් සමඟ අද (19) උදෑසන 6 සිට හෙට හෙට (20) දහවල් 12 වනතෙක් ජාතික ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට ද කියුබා බලධාරීහු කටයුතු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here