අරලගංවිල, වෙහෙරගම ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීම හේතුවෙන් කාන්තාවක් එම ස්ථානයේදී ම මියගොස් තවත් පිරිමි පුද්ගලයෙකු පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 72ක් හා මරණකාරිය වයස අවුරුදු 75ක් වන වෙහෙරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරයකු හා සහෝදරියකි.