අලුත් අවුරුද්දෙන් පසුව විශේෂ දළදා ප්‍රදර්ශනයක්

Share

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවය.

Read more

Local News