ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය තවදුරටත් අසාධ්‍ය බව වතිකානය නිවේදනය කර තිබෙනවා.
මේ වන විට උන්වහන්සේගේ වකුගඩුවල ද අබාධයක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් ඊයේ (23) සදහන් ඇත්තේ ලොව පුරා සියලුදෙනාගෙන් ලැබුණු යාඥාවන්ට ස්තූතිය පුදකරන බවයි.
මෑතකදී සෙනෙහස ප්‍රකාශ කරන පණිවිඩ රැසක් ලැබුණු බවත් දරුවන්ගෙන් ලැබුණු ලිපි සහ සිතුවම් හිතට තදින්ම කාවැදුණු බවත් උන්වහන්සේ පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.