රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගය අයිනේ රැදී සිටි පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පදික කාන්තාවන් දෙදෙනා බරපතල තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටිය දී එක් කාන්තාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 49ක් වූ හල්පේ, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News