ට්‍රැක්ටර් රථ අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

ඩෙෆ්ට් නගරය දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් මාර්ගය අසල තිබූ බෝක්කු කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ ට්‍රැක්ටර් රථ රියදුරු යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 37ක් වූ පුද්ගලයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News