අවිස්සාවේල්ල දෙස සිට කොස්ගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී ගොස් ප්‍රථිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී ඊයේ (26) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ප්‍රථිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 25ක් වූ පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.