යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

සෙවනගල හන්දිය දෙස සිට 10 කණුව දෙසට ධාවනය කළ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පසුපැදිකරුවෙක් සෙවනගල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති අතර අනෙක් පැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 34ක් වූ කන්දේයාය, මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News