ජනාධිපති අනුර කුමාර දිසානායක සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) පැවැත්විණි .
වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනාවලට අදාළව මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවත්, වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී වෛද්‍යවරුන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.