විශේෂ දළදා දැක්ම අප්‍රේල් 18 සිට

Share

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම මත සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්ම අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

ඒ අනුව අප්‍රේල් 18 වැනිදා සවස 3.00සිට සවස 5.30 දක්වාත් 19 වැනිදා සිට 27 වැනිදා දක්වා දහවල් 12.00 සිට සවස 5.30 දක්වාත් දළදා දැක්ම පැවැත්වීමට නියමිතයි.

Read more

Local News