හැටන් වතු නිවාස පෙළක ගින්නක්

Share

ඊයේ (03) රාත්‍රී කාලයේ හැටන්, ෂැනන් වත්ත ප්‍රදේශයේ ලයිම් කාමර පෙළක හදිසි ගින්නක් හටගෙන තිබුණා.

හැටන් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, හැටන් ගිනි නිවිමේ ඒකකය හා ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ලයිම් කාමර 24ක් පමණ ගිනි ගැනීමට ලක්ව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්නෙන් දේපල හානි සිදුව ඇති අතර සුළු තුවාල ලැබූ තිදෙනෙකු දික්ඔය හා නාවලපිටිය රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News