පියා පැදවූ ට්‍රැක්ටර් රථයට යටවී පුතා මරුට

Share

චුන්නාකම්, උඩුවිල් ප්‍රදේශයේ දී ගොයම් කපන මැෂිමක් පටවාගෙන යමින් සිටි ට්‍රැක්ටර් රථයකට පිරිමි දරුවෙකු යටවී මියගොස් තිබෙනවා.

මියගිය දරුවා වයස අවුරුදු 11ක් වූ උඩුවිල්, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මිය ගිය දරුවා ඔහුගේ පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයේ පටවා තිබූ ගොයම් කපන මැෂිමට නැඟීමට උත්සහා කිරීමේදී බිමට ඇද වැටී එම ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News