තීරුබදු රහිතව මෙරටට ගෙන්වා, ව්‍යාජ අංක තහඩු යෙදූ වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

Share

තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ජිප් රථයක් හා කාර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදුකර අදාල වාහන දෙක පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනය අනුව ඉහත වාහන සන්තකයේ තබා ගැනීම, තීරුබදු රහිතව මෙරටට ගෙන්විම හා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිත කිරිම යන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49, 59 හා 61 යන වයස්වල පසුවන ඇඹිලිපිටිය හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන්.

Read more

Local News