රට අතහැර ගිය සෞඛ්‍ය නිලධාරීන්ගේ ලිස්ට් එක එළියට (VIDEO)

Share

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශවලට අයත් වැය ශීර්ෂ විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා.

විවාදය ආරම්හ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළේ පසුගිය අවුරුදු 04ක කාලය තුළදී වෛද්‍ය නිලධාරීන් 2440ක් රට හැරගොස් ඇති බවයි.

ජනතාවගේ ගුණාත්මක සෞඛය තත්ත්වය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කර ඇත්තේ මෙවර බවයි විවාදයට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ.

වෛද්‍යවරුන් දෙදෙනෙක් විවාදයට එක්වෙද්දී කථානායක තනතුරද වෛද්‍යවරයෙකු හෙබවීම අද පාර්ලිමේන්තුවේ සිදු වූ විශේෂත්වයක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News