“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකාය වෙත පවරා තිබේ.

Read more

Local News