කාර් රථයක් යෝධ ඇළට වැටෙයි – රියදුරු හා කාන්තාවක් මරුට

Share

නාඋල දෙස සිට ඇළහැර දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සංඥා කණුවක ගැටී මාර්ගය අසලින් ගලා බසින යෝධ ඇළට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් ඇති අතර තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වන රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටත්, මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News