අනුරාධපුර ශික්ෂණ රෝහලේ අපයෝජන සිද්ධිය සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවත් , එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
පසුගියදා (10) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණපෑමට සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් අද (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.