”අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු” යෝජනාවලිය අගමැතිනියට

Share

රුහුණු විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමය විසින් “අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු” යන තේමාවෙන් සම්පාදනය කරන ලද ජනහිතකාමී යහපත් ශ්‍රී ලාංකීය සමාජයක් උදෙසා වන මාර්ගෝපදේශ යෝජනාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම ඊයේ (18) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් මහජනතාවට සේවාව සැපයීම, නව ආකල්ප සංවර්ධනය කිරීම, පොදු ප්‍රවාහනය ඇතුළු තෝරාගත් සුවිශේෂ අංශයන් තුළ සිදුවිය යුතු වෙනස්කම් මෙම යෝජනාවලියට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රටතුල නව පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සදහා නිර්මාණය කළ “නව නෙත්” ෆේස් බුක් පිටුව විවෘත කිරීමද මෙහිදී අගමැතිතුමිය විසින් සිදු කළාය.

Read more

Local News