දකුණු වයික්කාල ප්‍රදේශයේ නිවසක් තුළදී ඊයේ (18) පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 20ක් වූ දකුණු වයික්කාල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
ප්‍රේම සම්බන්ධතාවක් මත ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.