පුස්සැල්ලාව දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී ඊයේ (18) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 19ක් වූ නුවර පාර, ගම්පොල ප්රදේශයේ පදිංචිකරුවෙක්.