කණ්ඩලම දෙස සිට වෑවල වැව දෙසට ධාවනය කළ බස් රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී ඊයේ (19) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 25ක් වූ කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.