දේශීයව මෙන්ම ගෝලීය වශයෙන් කාන්තාවන්ට සිදුවන බලපෑම්, බාධක සහ ඒ වෙනුවෙන් ඇති පක්ෂග්‍රාහීත්වයන් හදුනාගනිමින් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා කඩිනමින් තීරණාත්මක පියවරයන් ගත යුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළා.
විවිධ ක්ෂේත්‍රවල ජයග්‍රහණ සහ සමාජ පිළිගැනීමට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් සම්මාන ප්‍රධානය කිරීමද මෙහිදී සිදු කෙරිණ.