හලාවත දිසා / මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි, ඇස්කීසි ක්‍රියාත්මක කරනු ලබන නිලධාරියෙකු අත්අඩංගුවට.

Share


ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළ වූ අධිකරණයට ඉදිරිපත් කර ඇති භාණ්ඩයක් වන ට්‍රැක්ටර් රථයක රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ලබාගෙන එම ට්‍රැක්ටර් රථය මුදා හැර දෙන බවට පවසා පැමිණිලිකරුගෙන් රු.610,000/- ක (රුපියල් හයලක්ෂ දහදහක්) මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත, සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව හලාවත දිසා/ මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි, ඇස්කීසි ක්‍රියාත්මක කරනු ලබන නිලධාරියෙකු වන නිශ්ශංක ජීවක කණ්ඩුල සිල්වා යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.06.25 වන දින පෙ.ව.10.05 ට පමණ කොමිෂන් සභාවේදී අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News