තේ ප්‍රවාහනය කළ ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී අනතුරට.දෙදෙනෙකුට බරපතළ තුවාල.

Share

තේ දළු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක් නානුඔය෈රදැල්ල කෙටි මාර්ගයේදි (25) දින රාත්‍රියේදි අනතුරට පත් වීමෙන් එම ලොරි රථයේ පසුපස ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නානුඔය පොලීසිය පැවසීය.
නානුඔය ඔලිෆන්ට් වතුයායේ සිට නානුඔය සමර්සෙට් තේ කර්මාන්ත ශාලාව දක්වා ලොරි රථය තේ දළු ප්‍රවාහනය කරමින් සිටියදී ලොරි රථයේ පසුපස කොටස චැසියෙන් ගැලවී නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වතුයාය ප්‍රදේශයේදී ඉවතට විසි වීමෙන් ලොරි රථයේ පසුපස ගමන්ගත් දෙදෙනා තුවාල ලබා ඇති බවයි පොලීසිය කියා සිටියේ.
ලොරි රථයේ රියදුරා නානුඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අනතුර සම්බන්ධ‍යෙන් පරීක්ෂණ පවත්වන නානුඔය පොලීසිය කියා සිටියේ.

Read more

Local News