අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලි ජයතුංග මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.