ඊයේ(30) රාත්‍රියේ කහවත්ත පොලිස් වසමේ සුදු පැහැති ඩිෆෙන්ඩන් වර්ගයේ වාහනයකින් පැමිණි පිරිසක් විසින් දලුක්ගල ප්‍රදේශයේ කොස්කෑල්ල යන ස්ථානයේදී පුද්ගලයින් දෙදෙනකු හට අත්විලංගු දමා වෙඩි තබා ඇති අතර එහිදී වයස අවුරුදු 22 ක් වන ආකාශ් යන අය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනෙක් පුද්ගලයා පිරිසෙන් පැන පලා යාමේදී ඔහුටද වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදු වී එම පුද්ගලයා මේ වන විට කහවත්ත රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කහවත්ත පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.