ගොවියාට සුබ පණිවිඩයක්. වී මිලදී ගැනීම හෙට සිට.

Share

හෙට සිට වී මිලදී ගැනීම ආරම්භ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යයේ නාමල් කරුණාරත්න මහතා පවසනවා.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙවර රජය මගින් මෙතෙක් කලක් නොකෙරූ ආකාරයේ තෙත වී සඳහාද මිලක් නියම කර ඇති බවයි.

සම්බා වී කිලෝ එකක් රුපියල් 125ටත් නාඩු වී කිලෝ එකක් රුපියල් 120ටත් කීරි සම්බා වී කිලෝ එකක් 132 ටත් මිලදී ගැනීමට කටයුතු කරන බවත් තෙත සම්බා වී කිලෝ එකක් රුපියල්105ටත් තෙත නාඩු වී කිලෝ එකක් රුපියල් 102ටත් තෙත කිරි සම්බා වී කිලෝ එකක් රුපියල් 112ටත් ගොවියාට විකිණීමේ හැකියාව තිබෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.


එමෙන්ම වී මිලදී ගැනීම සඳහා මේ වනවිට රු කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය වෙන් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නා.

Read more

Local News