පොලිස් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු විසි අටදහසක් පමණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි. පුරප්පාඩු පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීධුරය සඳහා නවක මන්ත්‍රීවරයකු දිවුරුම් දීමද අද සිදු කෙරුණා. මේ අතර ඉල්ලා අස්වූ රාජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම වෙනුවට නිශාන්ත ජයවීර පත්කළ බවයි මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.