ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

Share

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට(10) යෙදී තිබෙනවා. ඇසළ පොහොය දිනය, බුද්ධ ශාසනයේ විශේෂ සිදුවීම් රාශියක් සිදු වූ දිනයක් ලෙස සැලකෙනවා. ශාසන ඉතිහාසයට අනුව, බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් සිදුකරමින් පසු මිනිස් ලොව දී උපත ලබාගැනීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳීම, මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය සිදුකිරීම, රාහුල කුමරුගේ උපත, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව, තව්තිසා දෙව්ලොවට වැඩම කර මවට උපස්ථාන කිරීම සහ අභිධර්ම දේශනාව පවා සිදු වූයේ ඇසළ පොහොය දිනයකදීය.

අද වැනි දිනකද අරිට්ඨ කුමරු ඇතුළු පස්දහස් දෙනෙකුට පැවිදි උපසම්පදාව ලැබුණු අතර, දන්ත කුමරු සහ හේමමාලා දේවිය විසින් දන්ත ධාතුව ශ්‍රී ලංකාවට වැඩම කිරීමද මෙවන් පොහොය දිනයකදී සිදු වී තිබෙනවා.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය සැමරීම නිමිත්තෙන්, දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජා මෙන්ම විවිධ ආගමික වැඩසටහන්ද පැවැත්වෙනවා.

Read more

Local News