නීතිවිරෝධී ලෙස කුවේටයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ 35 හැවිරිදි ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන අැත.
ඒ අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර අැත.
මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 15 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 30,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් තම ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණ තිබේ.