පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වූ සියලු චෝදනාවලට වැරදිකරු බව ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුව තීරණය කර ඇති බවයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන්නේ.
යෝජනාව විවාදය කර, සම්මත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ. පොලිස්පති දේශබන්දු සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට අදාළ කමිටුව පසුගියදා පත් කෙරුණා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතීත්වයෙන් සහ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ලලිත් ඒකනායක පාර්ලිමේන්තු කමිටු සෙසු සාමාජිකයන් ලෙස පරීක්ෂණ සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.