පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. මින්නේරිය දෙසට ධාවනය වූ ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී ඇති අතර ඊට පිටුපසින් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් කුඩා ලොරි රථයක් සහ සෆාරි ජීප් රථයක් එම කැබ් රථයේ ගැටී අනතුර සිදුවුණා. අනතුරින් කැබ් රථ රියදුරු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර යාපනයේ පලාලි ප්‍රදේශයේදී ද මෝටර් රථ දෙකක් ගැටී තිබෙනවා. අනතුරින් එහි ගමන් ගත් පුද්ගලයන් තුවාල ලබා ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

