ඉන්දියානු සාගරයේ ලංකාවට ගිනිකොණ දිසාවෙන් කිලෝ මීටර් 258 ක් දුරින් අද(29) උදෑසන 5.18 ට සිදු වී ඇති මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 6.6 ලෙස වාර්තා වී තිබෙනවා. පසුකම්පන ද සිදු වී ඇති අතර එහි විශාලතම අගය ලෙස රික්ටර් පරිමාණ 7.1 ක් ලෙසද වාර්තා වී ඇති බවටයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය සඳහන් කරන්නේ. මෙමඟින් ලංකාවට බලපෑමැක් නැති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් වැඩිදුරටත් පවසන්නේ.
යම් අවධානමක් ඇත්නම් එය කඩිනමින් දැනුම් දෙන බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය පැවසුවේ.