මංගල උත්සවයට ළමුන් සහභාගී කරවා ගැනීම පිළිබඳව පුළුල් විමර්ශනය

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී තිබේ. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ආරම්භ කළ විමර්ශනය පුළුල් කර ඇත.

මූලිකවම මෙම ක්‍රියාදාමය හරහා මෙරට අපරාධ නීතිය කඩවීමකට ලක්වී ඇත් දැයි සොයාබැලීම සඳහා විශේෂ අවධානය යොමු කර තිබේ. ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් මහතා වෙත ලිඛිතව උපදෙස් ලබාදී ඇත.

 

 

Previous articleජනප්‍රිය රංගන ශිල්පියෙකු වු දසුන් නිෂාන් සියදිවි හානි කරගනී
Next articleබණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය අද