ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ(31) පස්වරුවේ දැනුම් දී තිබෙනවා. අගෝස්තු මාසයේද ජූලි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් පවසා ඇත්තේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 305 ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 341 ද ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු. 289 ද සුපර් ඩීසල් ලීටරයක මිල 325 සහ භූමිතෙල් ලීටරයක මිල රු. 185 ද වශයෙන් ජූලි මාසයේ පැවති අගයම ගන්නා බවයි ආරංචි මාර්ග පවසන්නේ.
