අධිවේගී මාර්ගවල පසුපස මගීන්ටත් ආසන පටි ඕනෑමයි

Share

අධිවේගී මාර්ගවල සංචාරය කරන සියලු සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් සඳහාත් අද සිට ආසන පටි පැළඳීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රවාහන සම්බන්ධීකරණ කමිටුව ස්ථාපිත කිරීමේ උත්සවයකදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, ආසන පටි භාවිතා නොකර අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන්ට එරෙහිව අද සිට නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ගනු ඇති බවයි.

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලු වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධ නව නීතිය සැප්තැම්බර් 1 වෙනිදා සිට බල පැවැත්වෙන බවයි එහිදී තවදුරටත් අවධාරණය කර ඇත්තේ.

Read more

Local News