පසුගිය මාස හයක කාලය තුල පොලීසියේ 300කගේ වැඩ තහනම්

Share

මේ වසරේ ජනවාරි මාසයේ සිට ගතවූ මාස හය තුළ පොලිස් නිලධාරීන් 300කට ආසන්න සංඛ්‍යාවකගේ සේවය අත්හිටුවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. 2024 වසරේදී ද නිලධාරීන් 200ක පමණ පිරිසකගේ සේවය අත්හිටුවා තිබෙන බව ඔහු සඳහන් කළා.


නිලධාරීන් තම රැකියාව, ලැබෙන වැටුප සහ වගකීම පිළිබඳ හැඟීමක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවක් මෙන්ම වසර 25ක් පමණ සේවය කර තමන්ගේ තනතුරු, විශ්‍රාම වැටුප් අහිමි කරගෙන සිරගත වන අවස්ථා ද ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.


මීට අමතරව, ආගමන පාලක ජනරාල්, පොලිස්පති සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැනි ප්‍රධාන තනතුරු සඳහා ‘වැඩබලන’ නිලධාරීන් පත් කිරීමට සිදුව ඇත්තේ, අදාළ තනතුරු දැරූ නිලධාරීන් සිරගත වීම හෝ ඇප මත නිදහස් වී සිටීම වැනි තත්ත්වයන් නිසා බවත් ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව, රජය විසින් තරාතිරම නොබලා, නීතිවිරෝධී ක්‍රියා කරන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Read more

Local News