අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නිවාස 546 කින් යුත් මහල් නිවාස යෝජනා ක්‍රමය 29 දා ඇරඹේ

Share

රජයේ නිලධාරීන්ට සහනදායි ක්‍රමයක් මත නිවාස ලබාදීම සදහා වත්මන් රජය මගින් ගෙන යන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන නිල සෙවන නිවාස යෝජනා ක්‍රමයේ ආරම්භක අවස්ථාව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ (29) වැනි දින පෙ.ව. 10.00 ට ගරු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහනුවර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන මෙම මහල් නිවාස යෝජනාක්‍රමය නිවාස 546 කින් සමන්විතය.

නිදන කාමර තුනකින් සහ දෙකකින් යුක්ත වන පරිදි සකස් කළ නිවාස දෙවර්ගයක් මෙහි ඉදි කෙරෙන අතර, අවශ්‍යතාවය මත එම නිවාස රජයේ සේවකයන්ට මිළදී ගැනීමට හැකියාව තිබේ. රජයේ සේවකයන්ට ලැබෙන බැංකු ණය පදනම යටතේද මෙම නිවාස ලබා ගැනීමේ පහසුකම් ලැබෙන අතර, 2020 වන විට මෙම නිවාස යෝජනා ක්‍රමයේ සියළු වැඩ අවසන් කිරීමට නියමිතය.

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මෙවැනි නිවාස ව්‍යාපෘති ඉදිරියේදී ආරම්භ කිරීමට සැළසුම් කොට ඇති අතර, මහනුවර ඉදි වන්නේ තුන්වැනි නිල සෙවන ව්‍යාපෘතියයි.

Read more

Local News