අද සිට ඉඩම් සිතියම් නිවසටම

Share

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය නිමිත්තෙන්, එම දෙපාර්තමේන්තුව විසින් නව සේවාවක් හඳුන්වා දී ඇත. එහිදී, අගෝස්තු 1 වැනිදා සිට ඔන්ලයින් ක්‍රමයට ගෙවීම් කර ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව මහජනතාවට හිමි වේ.

මිනුම්පති වයි. ජී. ඥාණතිලක මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව ප්‍රකාශ කළේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මේ දක්වා සිතියම් ලබා ගැනීමට දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණීමට සිදු වුවත්, එම ක්‍රියාවලිය මේ වනවිට සම්පූර්ණයෙන්ම මාර්ගගතව (online) සිදු කිරීමට අවස්ථාව ලැබෙන බවයි.

එමෙන්ම, මහජනතාවට ඉඩම් තොරතුරු පද්ධතියේ ඇති තොරතුරු අන්තර්ජාලය හරහා බැලීමට ද අවස්ථාව සලසා දෙන බව මිනුම්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව – https://shorturl.at/zBP8y

Read more

Local News