හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය, ජනාධිපති ලේකම් කාර්යාලයේ අරමුදල් යොදාගෙන සිදු කළ විදෙස් සංචාරයක් පිළිබඳව පවත්වන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබෙනවා.
මෙම සිදුවීමට අදාළව, හෙට දිනයේදී හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද CID යට කැඳවීමට නියමිතයි. මෙම පරීක්ෂණය විදෙස් සංචාරයට අදාළ මූල්‍ය ප්‍රතිපාදන භාවිතය සම්බන්ධයෙන් සිදු කෙරෙනවා.