රුසියානු තෙල් මිලදී ගැනීම නිසා ඇමරිකාවෙන් ඉන්දියාවට තර්ජන

Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නැවත වරක් ඉන්දියාවට තර්ජනය කර ඇත්තේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්. ඉන්දියාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා වන තීරුබදු සැලකිය යුතු ලෙස වැඩි කරන බව ඔහු පවසා තිබෙනවා. අද (04) ‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ, ඉන්දියාව රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගන්නා බවත්, එම තෙල්වලින් වැඩි ප්‍රමාණයක් ඉහළ ලාභයක් සඳහා විවෘත වෙළඳපොළේ විකුණන බවත්ය.

ඒ හේතුව නිසා, ඉන්දියාව ඇමරිකාවට ගෙවන තීරුබදු ඉහළ දමන බව ඔහු සඳහන් කළත්, එම තීරුබදු කොපමණ ප්‍රමාණයකින් ඉහළ දමන්නේදැයි ඔහු පැහැදිලි කර නැහැ. රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ඉන්දියාවට එල්ල කර ඇති පීඩනයේ නවතම පියවරක් ලෙස මෙම ප්‍රකාශය සැලකෙනවා. විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙම තීරණය ඉන්දියාව සහ ඇමරිකාව අතර පවතින වෙළඳ සබඳතාවලට අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

Read more

Local News