ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් සහිතව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ නිල සුනඛයන් යොදාගෙන ඉපලෝගම පොලීසිය විසින් ප්‍රාදේශීය සභාවක විපක්ෂ මන්ත්‍රීවරයකුගේ නිවසක් වටලනු ලැබුවා.
එම අවස්ථාවේදී, එම නිවස තුළ මන්ත්‍රීවරයා විසින් සූදු පිටියක් පවත්වාගෙන ගොස් ඇති අතර, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි තවත් 14 දෙනෙකු සමඟ මන්ත්‍රීවරයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී නිවසේ අධිශීතකරණයක තිබී විවිධ වර්ගයේ තහනම් දඩ මස් කිලෝග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔවුන්ට දඩ නියම කර නිදහස් කර තිබුණා. කෙසේ වෙතත්, අදාළ මන්ත්‍රීවරයා තඹුත්තේගම විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනය කෙරෙමින් පවතින මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අවශ්‍ය පුද්ගලයකු වීම නිසා, මහේස්ත්‍රාත්වරිය විසින් ඔහුව මේ මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.