විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළ යෝජනා ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා වෙත භාර දී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය කථානායකවරයා ඉදිරිපිට පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දිමට කටයුතු කර ඇත.
එය නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කිරිමෙන් අනතුරුව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව වාර්තාවේ.