පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව ඊයේ සම්මත කළ යෝජනාව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පැවසුවේ, මෙම යෝජනාව සම්මත වූ දිනයේම ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි.
ඒ අනුව, නව පොලිස්පතිවරයාගේ නම අද දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කිරීමට නියමිත බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.