යකල්ල දෙස සිට ගලෙන්බිදුණුවැව දෙසට ධාවනය වූ යතුරුපැදිය හුරුලුවැව රෝහල අසල වංගුව සහිත ස්ථානයෙන් ගමන් කිරීමේදී රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ කොන්ක්‍රීට් බැම්ම සහිත ගේට්ටුවක වැදී මෙම අනතුර සිදුව ඇති බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසනවා.
අනතුරෙන් පසු බයික් රථයට දැඩි හානි සිදුවී ඇති අතර තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසීන් එක්ව හුරුලුවැව රෝහලට රැගෙන ගොස් තිබුණද රෝහල් ගත කරන විටත් තරුණයින් දෙදෙනා මියගොස් සිටි බවට හුරුලුවැව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මියගිය තරුණයින් දෙදෙනාගේ දේහය යකල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර දෙදෙනාගේ මරණ පරීක්ෂණය හෙට දින සිදු කිරීමට නියමිතව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ ජයපුර. 17 මෙගොඩවැව පදිංචි. වයස අවුරුදු 29 හැවිරිදි W.M.ජානක සම්පත් සහ 19 හැවිරිදි රැඹෑව,යකල්ල මෙගොඩවැව පදිංචි හේෂාන් ඉසාර යන තරුණයින් දෙදෙනෙකු බවයි ගලෙන්බිදුණුවැව රථවාහන පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.