ZD ඇළට වැටී 8 හැවිරිදි දරුවෙක් මරුට

Share

අවුරුදු අටක් පමණ වයසති පිරිමි දරුවකු ඊයේ සවස මව සමග එළුවන් බැලීමට ගිය අවස්ථාවේදී පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේදී ZD ප්‍රධාන ඇළට වැටි මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද නාගස්තැන්න අංක 14 ලිපිනයේ පදිංචිව සිටි එම්.පී.ලශ්මික හේශාන් යන පිරිමි දරුවකු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කර තිබෙනවා.

දරුවා මව සමග එළුවන් බැලීමට ගොස් ඇති අතර, දරුවා නොමැති විට ඔහු නිවසට ගොස් ඇති බවට සැක සිතූ මව නිවසට ගොස් තිබෙනවා. නිවසේ දරුවා නොසිට ඇති අතර මව ZD ඇළ ප්‍රදේශයට ගොස් දරුවා ප්‍රදේශවාසීන් සමග සොයා ඈත.
පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව ප්‍රදේශවාසීන් දරුවාගේ සිරුර ZD ඇළේ තිබී සොයා ගැන ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ මහතා සඳහන් කර තිබෙනවා. ඉන් අනතුරුව දරුවාගේ සිරුර වැලිකන්ද රෝහලට ගෙනවිත් භාරදී තිබෙනවා. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු 06 වෙනිදා වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක කේ.ජී. ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට නියමිතයි.

Read more

Local News