අද රෑ 12 සිට ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම්

Share

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම සහ අද මධ්‍යම රාත්‍රී 12:00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් මෙකී නියෝගය කඩ කළහොත් 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ නීත්‍යානුකූල පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, උපකාරක පන්ති සංවිධානය කිරීම හා එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න හා ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රදර්ශනය කිරීම, එවැනි දෑ ළඟ තබාගැනීම නීතිවිරෝධී බවද විභාග කොමසාරිස්වරිය තවදුරටත් ප්‍ර්කාශ කර තිබෙනවා

කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශ්වයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩකිරීමක් හෝ උල්ලංඝණය කිරීමක් සිදුකළහොත් ඒ පිළිබඳව ළඟ ම පවතින පොලිස් ස්ථානයට, පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස දන්වා තිබෙනවා.

ඒ අනුව, පොලිස් මූලස්ථානයේ 0112421111, පොලිස් හදිසි ඇමතුම් අංකය 119, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය 1911, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208 / 01122784537 අංකවලට එම පැමිණිලි ලබාදිය හැකි බවත් ද කොමසාරිස්වරිය සඳහන් කර තිබෙනවා.

Read more

Local News