පසුගිය වසරේ පළමු භාගයේදී ලොව පුරා මිනිසුන් ඉලක්ක කර ගනිමින් වංචනික ක්‍රියාවලට සම්බන්ධ වූ ගිණුම් මිලියන 6.8ක් ඉවත් කළ බව Meta සමාගම දන්වා තිබෙනවා.
මෙම ගිණුම් බොහොමයක් අග්නිදිග ආසියාවේ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන වංචා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වූ බවත්, ඔවුන් බොහෝ විට බලහත්කාර ශ්‍රමය ඒ සඳහා යොදාගෙන ඇති බවත් එම සමාගම පෙන්වා දෙනවා.
මෙම නව නිවේදනය WhatsApp විසින් වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව පරිශීලකයින්ට අනතුරු ඇඟවීම සඳහා නව වංචා-විරෝධී ක්‍රියාමාර්ග හඳුන්වා දීමත් සමඟ සිදු කෙරුණා. තමන්ගේ දුරකථනයේ ඇති නාමාවලියේ නොමැති අයෙකු විසින් කණ්ඩායම් සංවාදයකට (group chat) එකතු කිරීම වැනි දෑ මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකියි.
අපරාධකරුවන් විසින් WhatsApp ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී හෝ ව්‍යාජ ආයෝජන ක්‍රම සහ වෙනත් වංචා ප්‍රවර්ධනය කරන කණ්ඩායම් සංවාදවලට පරිශීලකයින් එකතු කිරීම වැනි ක්‍රමවලට එරෙහිව මෙම නව ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.